Thursday, September 19, 2024

මෙදා සැරේ පැෆරල් උර චක්‍ර මාලයක් දා ගත්තේ ඇයි?

Must read

 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය නැත්නම් පැෆරල් සංවිධානය විසින් සංවිධානය කිරීමට ගිය ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ විවාදය සංවිධායකයන්ගේ බෙල්ලට වැටුණු උරචක්‍ර මාලයක් බවට පත්වී ඇත.උර චක්‍ර මාලය ගැන අප අසා ඇත්තේ එය දුටු ඕනෑ කෙනෙකුට පැළඳ ගෙන හැඩ බැලීමට ආසා හිතෙන ලස්සන ආභරණයක් ලෙස ය.නමුත් මේ ආභරණය කෙරෙහි ලොබ බැඳ එය පළඳා ගත් පසු සිදුවන්නේ හීනෙකින්වත් අපේක්ෂා කළ දෙයක් නොවේ.උරචක්‍ර මාලය පැළඳ ගත් විගස පැළඳ එකාගේ ගෙල කපමින් කැරකෙන්නට පටන් ගනී.පැළඳ සිටින්නාට අනේක විධ දුක්දෙමින් ගෙල කප කපා කැරකෙන උරචක්‍ර මාලයෙන් ගැලවීමට හැකියවකුත් නො ලැබේ. ඒනිසා සිදුවන්නේ මැරෙන තුරුම විඳවන්නට ය. ශ්‍රී ලංකාවේ නිදහස් හා සාධරණ මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් බොහෝ වටිනා මෙහෙවරක් ඉටුකර ඇති සංවිධානයක් ලෙස නොබියව හදුන්වා දිය හැකි පැෆරල් සංවිධනයට තමන් විසින්ම පැළඳගත් උර චක්‍ර මාලයක් නිසා දුක්විඳීමට සිදුවීම ගැන සැබැවින්ම කණගාටු ය.

උරචක්‍ර මාලයක් බවට පත්වුණු ජනපති අපේෂක විවාදය තම සංවිධනය විසින් මෙතෙක් රටේ මැතිවරණ ක්‍රියාවලිය හා සම්බන්ධව කරගෙන ගිය සාධනීය ක්‍රියා මාර්ගයන් කෙරෙහි බලවත් අගතියක් සිදු කරන බව රෝහණ හෙට්ටිආරච්චි ප්‍රමුඛ පැෆරල් නායකත්වයට නොවැටහුණේ ඇයි?රටේ මැතිවරණ ක්‍රියාවලිය 1977පසුව බරපතල ලෙස දූෂිත තත්වයට පත් කළේ ජේ ආර් ජයවර්ධනගේ රාජ්‍ය පාලනය මගිනි. විශේෂයෙන්ම 1980 යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සභා මැතිවරණය මේ අන්ත දූෂිත මැතිවරණ ක්‍රියාවලිය කල එළි බැස්සවූ පළමු අවස්ථාව සේ සැලකිය හැකිය. රටේ අනිකුත් ප්‍රදේශවලදී විපක්ෂයට අයත් පක්ෂ එම මැතිවරණය වර්ජනය කළ බැවින් ජේ ආර් ජයවර්ධනට “පාළු ගෙයි වළං බිඳීමට”එරෙහි කිසිදු අභියෝගයක් මතු නොවුණි.

මෙසේ උරචක්‍ර මාලයක් බවට පත්වුණු ජනපති අපේෂක විවාදය තම සංවිධනය විසින් මෙතෙක් රටේ මැතිවරණ ක්‍රියාවලිය හා සම්බන්ධව කරගෙන ගිය සාධනීය ක්‍රියා මාර්ගයන් කෙරෙහි බලවත් අගතියක් සිදු කරන බව රෝහණ හෙට්ටිආරච්චි ප්‍රමුඛ පැෆරල් නායකත්වයට නොවැටහුණේ ඇයි?රටේ මැතිවරණ ක්‍රියාවලිය 1977පසුව බරපතල ලෙස දූෂිත තත්වයට පත් කළේ ජේ ආර් ජයවර්ධනගේ රාජ්‍ය පාලනය මගිනි. විශේෂයෙන්ම 1980 යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සභා මැතිවරණය මේ අන්ත දූෂිත මැතිවරණ ක්‍රියාවලිය කල එළි බැස්සවූ පළමු අවස්ථාව සේ සැලකිය හැකිය. රටේ අනිකුත් ප්‍රදේශවලදී විපක්ෂයට අයත් පක්ෂ එම මැතිවරණය වර්ජනය කළ බැවින් ජේ ආර් ජයවර්ධනට “පාළු ගෙයි වළං බිඳීමට”එරෙහි කිසිදු අභියෝගයක් මතු නොවුණි. ජේ ආර්ගේ අවශ්‍යතාවය වූයේ උතුරේදීත් ඒ තත්වය පවත්වා ගැනීමට ය.ඒ සඳහා කළ කී දේ රටම දන්නා බැවින්‍ යළිත් ලිවිය යුතු නැත.කෙසේ වුවත් නිදහසින් පසු අන්‍ත දූෂිත මැතිවරණ පැවැත්වීම රජය විසින් ක්‍රියාත්මක කළේ එදා ය.ඊට පෙර මැතිවරණවල දී ඡන්දදායකයන්ට තර්ජන කිරීම්, පහරදීම් පාරවල් අවහිර කිරීම් ප්‍රචණ්ඩ ක්‍රියා ආදී දේ සිදු වුණත් මැතිවරණ ක්‍රියාවලියේදී ඡන්දපොල දූෂණය රාජ්‍ය මැදිහත්වීමෙන් සිදු කළේ මුල් වතාවට ය.ඉන්පසු පැවැත්වූ 1982 ජන මත විචාරණය ද මුළුමනින්ම දූෂිත මැතිවරණයකි.1988 ජනාධිපතිවරණය පළමු වතාවට ඡන්ද පොලටත් ප්‍රහාර එල්ල කළ ඡන්දය විය.එය ඡන්දය භාවිතා කිරීමට පැමිණි අය මරා දැමූ ඡන්ද නිලධාරීන්ට බෝම්බ ගැසූ ඡන්ද පොලට නිලධාරීන් යැවීම අසීරු වූ අන්ත දූෂිත මැතිවරණයක් විය. ඉන්පසු වයඹ පළාත් සභාවේ පැවැත්වූ මැතිවරණයක් ද දූෂිත මැතිවරණ ඉතිහාසයේ පැහැදිලි සන්ධි ස්ථානයක් විය.මේ අන්දමින් මැතිවරණ ක්‍රියාවලිය රාජ්‍ය බලයෙන් දූෂණය කරද්දී රටේ මැතිවරණ පැවැත්වීමේ වගකීම දැරූ මැතිවරණ දෙපාර්තමේන්තුවට ඒවාට එරෙහිව ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදුන්නේ මේ පැෆරල් වැනි රාජ්‍ය නොවන සංවිධාන විසිනි. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ලබාගත් නියෝග ආඥා ආදිය මැතිවරණ දූෂණ වැලැක්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට බොහෝ ප්‍රයෝජනවත් විය.

රටේ සාධරණ මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් මේසා වටිනා දායකත්වයක් ලබාදුන් පැෆරල් සංවිධනයට අද බරපතල චෝදනාවකට ලක්වන්නට සිදුව ඇත.ඒ මෙවර ජනාධිපතිවරණයේදී තෝරාගත් අපේක්ෂක කණ්ඩායමක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන්නේය යන චෝදනාවයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 39දෙනෙකුගෙන් 6දෙනෙකු තෝරා ගෙන ඔවුන් අතර විවාදයක් පැවැත්වීමටත් එම විවාදය සඳහා විද්‍යුත් මාධ්‍ය නාලිකා හතක් හා සමාජ මාධ්‍ය පිටු විශාල ගණනක් සම්බන්ධ කරගෙන සුවිශේෂී ප්‍රචාරයක් දීමත් එහි සැලසුම විය.මේ තුළින් පැහැදිලිවම විවාදයේ නියුතු වන අපේක්ෂකයන් හයදෙනා ප්‍රවර්ධනය වන බව අනිකුත් අපේක්ෂකයෝ චෝදනා කරති.විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ කතා ප්‍රචාරය කිරීමේදී සමාන පදනමින් එය සිදුකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව උපදෙස් දී ඇති පසුබිමක මේ තුළින් සහභාගී වන අපේක්ෂකයින්ට යම් අතිරේක වාසියක් ලැබෙන බව පැහැදිලි ය.අපට ඇති පුදුමය නම් මෙතරම් සිහි මොළේ ඇති පැෆරල් සංවිධානයට මේ තත්වය අවබෝධ නොවුණේ මන්ද? යන්නයි.

මේ පිළිබඳව විශ්ලේෂණාත්මකව බැලීමේදී පැහැදිලි වන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව පැවැති කාලයේදී නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වාතාවරණය සැකසීමට හා ක්‍රියාත්මක කිරීමට මහඟු දායකත්වයක් සපයා දෙමින් ස්වකීය පැවැත්මේ අවශ්‍යතාව සාර්ථකව සමාජ ගත කළ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමක් සමඟ කටයුතු කිරීමේදී සිය භූමිකාවෙන් ඔබ්බට පිවිසෙමින්;නො එසේ නම් වැට පැන අවුත් මැතිවරණ මෙහෙයවීමේ ක්‍රියාවලියට ඇතුලුවීමට උත්සාහ කරමින් සිටියේ ද යන්න ය. ඒසඳහා පැවැති මැතිවරණ කොමිෂන් සභාවල දුර්වල ක්‍රියාකාරිත්වය ද බොහෝ දුරට හේතු වී ඇත.පළමු මැතිවරණ කොමිෂන් සභාව පත්වී වසර එකහමාරක පමණ කාලයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර තිබුණු මැතිවරණ කොමසාරිස් ජනරාල් තනතුරේ පුරප්පාඩුව පිරෙව්වේ නැත.ඒක ඔහේ පාළුවට යන්න හැරියේ ය.ඒ එවකට ඒ සඳහා සුදුසුකම් තිබූ ජ්‍යෙෂ්ඨතම මැතිවරණ නිලධාරියා කෙරෙහි කොමිසමේ බලධාරීන්ට තිබූ යම් ප්‍රශ්නයක් නිසා බව ප්‍රකට ය.මේ ගැන යම්‍ පමණකට ගැටලු මතුවෙද්දී කොමිසම කළේ අරුම පුදුම වැඩකි.ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොතකා අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් මැතිවරණ කොමිසමට නිර්මාණය කර ඒ සඳහා කොමසාරිස් ජනරාල් තනතුර ට පත්වන්නට සිටි නිලධාරියාව අනුයුක්ත කිරීම ය.මහා භාණ්ඩාගාර කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව මේ ව්‍යවස්ථා විරෝධී තනතුර නිර්මාණය කිරීමට අනුමැතිය දුන්නේ ඇස්වසාගෙන ය.ඊට පසු හිමිහිට අධ්‍යක්ෂ තනතුරු කීපයක්ද සකස් කර ඊට තම අභිමතය පරිදි පුද්ගලයින් බඳවා ගත්තේ ය එසේ බඳවා ගත් සමහර පුද්ගලයන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා වයස පමණක් නොව විශ්‍රාම යන වයස ද ඉක්මවා සිටි අයයි.ඒ බඳවා ගැනීම් කිසිවක් විධිමත් පරිපාටි අනුගමනයෙන් කළ ඒවා නොවේ.මේ පිළිබඳව යම්යම් අභ්‍යන්තර ගැටලු පැන නගිද්දී ඒවා බේරා ගත්තේ කොමිසමේ ස්වාධීන බලය යොදා ගනිමිනි. ඉන් සිදුවුණේ දිර්ඝ කාලයක් තිස්සේ මනා ශක්තියෙන් මැතිවරණ මෙහෙයුම් සිදු කළ දෙපාර්තමේන්තු ව්‍යුහය පිපිරීමට ලක්වීමයි. ඊළඟ කොමිෂන් සභාව මේ තත්වය තවත් ව්‍යකූල කළේ කොමිෂන් සභාවේ සේවය කරමින් සිටි පලපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉන් ඉවත් කර රාජ්‍ය සේවයට යැවීමෙනි.ඉන් පසු එම කොමිසම කටයුතු කළේ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩල පුහුණු කිරීමට නිරීක්ෂණ සංවිධාන ක්‍රියාකාරිකයන් යොදා ගැනීම ය.මීට සමගාමීව නිරීක්ෂණ සංවිධානවල වැඩ සටහන්වලට මැතිවරණ නිලධාරීන් සහභාගි වීමත් වර්ධනය විය.මැතිවරණ සංවිධාන ව්‍යුහය තුළට සම්බන්ධ නොවී නිරීක්ෂණය සිදුකර සහයක සේවා පවත්වාගෙන ගිය සංවිධාන ක්‍රමයෙන් සංවිධාන ව්‍යුහයට සම්බන්ධ වීම වැඩි කිරීමත් සමඟ ඔවුන්ට තම සීමාවෙන් ඔබ්බට පිවිස “අනුන් ගේ පිඟන් වල ඇති දේ අත පත ගා බැලීමටත්” දිරියක් සැපයිණි. තුන්වෙනි මැතිවරණ කොමිෂන් සභාවට පැවරුණු ප්‍රමුඛ කාර්ය වූයේ පලමු හා දෙවැනි කොමිෂන් සභා කාල පරිච්දඡේදයන් තුළ බිඳ වැටුණු මැතිවරණ සංවිධාන ව්‍යුහය යථාවත් කිරීමයි.ඒ අතරදී වර්තමාන ජනපතිවරණය පැවැත්වීමට සිදුවිය.

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ද අපේක්ෂකයින් වැඩිවීම ගැන මේ නිරීක්ෂණ සංවිධාන දැක්වූ අදහස්වලට සමාන මතයන් ප්‍රකාශ කරනු ද ඔවුන් මේ නිරීක්ෂණ සංවිධාන වැඩ සටහන්වලට සම්බන්ධවී අදහස් පළ කරනු ද දක්නට ලැබුණි.මෙය කොමිෂන් සභාවේ ස්වාධීනත්ව‍යට නොගැළපෙන්නකි.”ඕනෑවට වැඩි වැඩකි”. මේ සිද්ධිය උදාහරණයට ගෙන මැතිවරණ කොමිසම සිය කාර්ය මණ්ඩලයට දැඩිව උපදෙස් දිය යුත්තේ කවර සංවිධානයක් කවර මතයක් දැරුවත් මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව තම පුද්ගලික අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතු බවට ය.එසේම කොමිෂන් සභාවේ අවසර නැතිව බාහිර ආයතනවල වැඩ සටහන් වලට සම්බන්ධ වීම හා අදහස් පළකිරීම ද නොකළ යුතු බවට ය. එසේම කවර හෝ අපේක්ෂකයෙකුට හෝ කණ්ඩායමකට අසාධාරණ ලෙස ක්‍රියා කරන්නේයැයි චෝදනාවලට ලක් නොවන ලෙස ස්වකීය වැඩ සටහන් පවත්වා ගත යුතු බවට නිරීක්ෂණ සංවිධාන දැනුවත් කිරීමය. එසේ නොවුණහොත් එබඳුම උරචක්‍ර මාලයක් කොමිෂන්සභාවේ ගෙල මතට ද පතිත විය හැක.

මේ ජනාධිපතිවරණයේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම පැෆරල් සංවිධාන‍ය අපේක්ෂකයන්ගේ වැඩිවීම ගැන සිය කනස්සල්ල පළ කරනු දක්නට ලැබුණි. මැතිවරණ කොමිෂන් සභාව හෝ නිරීක්ෂණ සංවිධානයක් මැතිවරණයක තරඟ කරන්නන්ගේ වැඩිවීම ගැන අකමැත්ත පළ කිරීමම සිය භූමිකාවන්ගෙන් ඔබ්බට යාමකි.නො එසේ නම් වැට පැනීමකි.රටේ සාමාන්‍ය ජනතාවට දේශපාලන පක්ෂවලට හා ක්‍රියාකාරිකයන්ට ඒ පීළිබඳ තම මතය ප්‍රසිද්ධියේ පළ කළ හැකිවුණත් මැතිවරණ ක්‍රියාවලියේ නිරත ආයතන හා ඊට ආනුශංසිකව ස්වාධීනව ක්‍රියා කරන බව ප්‍රකාශිත නිරීක්ෂණ ආයතන එසේ ප්‍රකාශ කිරීමෙන් ඔවුන් සිදු කරන මැතිවරණ ක්‍රියාවලිය ගැන අවිශ්වාසයන් ඇතිවීම වැලැක්විය නොහැක. පැෆරල් සංවිධනය මේ අපේක්ෂකයින් හයදෙනාගේ විවාදය සූදානම් කරන විට සෙසු දේශපාලන පක්ෂ පුලුල් විරෝධයක් පළ කළේ තමන් ජනපතිවරණයට සම්බන්ධ වෙනවාට අකමැත්තෙන් සිටි ස්වාධීනය කියන සංවිධාන අපේක්ෂකයන් කිප දෙනෙක් තෝරාගෙන තමන්ට අසාධාරණයක් කරන්නට සූදානම් වෙතැයි ඇතිවූ සාධාරණ සැකය නිසා ය.මැතිවරණ කොමිසමේ නිලධාරීන්ද අපේක්ෂකයින් වැඩිවීම ගැන මේ නිරීක්ෂණ සංවිධාන දැක්වූ අදහස්වලට සමාන මතයන් ප්‍රකාශ කරනු ද ඔවුන් මේ නිරීක්ෂණ සංවිධාන වැඩ සටහන්වලට සම්බන්ධවී අදහස් පළ කරනු ද දක්නට ලැබුණි.මෙය කොමිෂන් සභාවේ ස්වාධීනත්ව‍යට නොගැළපෙන්නකි.”ඕනෑවට වැඩි වැඩකි”. මේ සිද්ධිය උදාහරණයට ගෙන මැතිවරණ කොමිසම සිය කාර්ය මණ්ඩලයට දැඩිව උපදෙස් දිය යුත්තේ කවර සංවිධානයක් කවර මතයක් දැරුවත් මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව තම පුද්ගලික අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතු බවට ය.එසේම කොමිෂන් සභාවේ අවසර නැතිව බාහිර ආයතනවල වැඩ සටහන් වලට සම්බන්ධ වීම හා අදහස් පළකිරීම ද නොකළ යුතු බවට ය. එසේම කවර හෝ අපේක්ෂකයෙකුට හෝ කණ්ඩායමකට අසාධාරණ ලෙස ක්‍රියා කරන්නේයැයි චෝදනාවලට ලක් නොවන ලෙස ස්වකීය වැඩ සටහන් පවත්වා ගත යුතු බවට නිරීක්ෂණ සංවිධාන දැනුවත් කිරීමය. එසේ නොවුණහොත් එබඳුම උරචක්‍ර මාලයක් කොමිෂන්සභාවේ ගෙල මතට ද පතිත විය හැක.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

උපුටා ගැනීම – www.vinivida.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article