Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

මුල්ලිවයික්කාල් අනුස්මරණ සතිය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේදි සැමරුමක් !

Must read

මුල්ලිවයිකාල් අනුස්මරණ සතියේ පළමු දිනයේ අනුස්මරණ උත්සවයක් යාපනය විශ්වවිද්‍යාලයේ පැවැත්විණි. 2009 අවසන් යුද්ධයේදී ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීමේ මුල්ලිවයිකාල් අනුස්මරණ සතිය  පසුගිය (12) ආරම්භ විය.

මෙම සැමරුම සංවිධානය කර තිබුනේ   විශ්වවිද්‍යාලයේ අනුස්මරණ ස්මාරකය  අසලදීය.

මෙම සැමරුම් අවස්ථාව සදහා විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ආචාර්යවරුන් එක්ව සිටි අතර ස්මාරකයා අභියස  පුෂ්පෝපහාර දැක්වීමද  සිදු කෙරිණි.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් ද ඊට සහභාගි වී ඔවුන්ට ගෞරව දැක්වීමට ද එක්විය. අවසානයේ සිසුන් විසින් සකස් කරන ලද මුල්ලිවයිකාල් කැ සංග්‍රහ කිරීමද සිදු කෙරිණි.එස් .නිදර්ශන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article