මුලතිව් දිස්ත්‍රික්කයේ OIERR CEYLON විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ සාම වැඩසටහන හරහා නැවත පදිංචි කරවූවන්ට ජීවනෝපාය ආධාර ලබා දීමේ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. මෙම සාකච්ඡාව දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
2015 න් පසු ඉන්දියාවෙන් ආපසු පැමිණි පුරවැසියන් සඳහා රුපියල් 19,055,000.00 ක මුල්‍ය ආධාර ඇතිව මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි. කරිදුරෙයිපත්රු, ඔඩ්ඩුසුදාන්, තුනුක්කයි සහ මන්තායි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිදු කරනු ඇත.
පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම, තිරසාර ජීවනෝපාය ආධාර සැපයීම සහ සමාජ සංවිධාන ශක්තිමත් කිරීම යන කරුණු පදනම් කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය අදාළ සංවිධානය විසින් පැහැදිලි කරන ලද අතර ව්‍යාපෘතියට අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අදහස් ඇතුළත් කරන ලදී.