Friday, September 20, 2024

මැර කල්ලියක ගිනි තැබීමකින් පාසල් සිසුවෙකුට අසාද්‍යයි

Must read

අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි මෙවර සාමාන්‍ය පෙල විභාගයට මුහුණදුන් පාසල් සිසුවෙකුගේ සිරුරට භුමිතෙල් ඉස සිසුවාට ගිනි තැබීමේ මිලේච්ඡ පුවතක් අම්පිටිය පුදේශයෙන් වාර්තා වෙයි.

මෙම සිසුවා පසුගියවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී A සාමාර්ථ 9ක් ලබාගෙන විභාගය සමත්ව ඇති අතර එම පුවත සිය මිත්තනියට පවසා නැවතත් තම පියා සමග පැමිණෙමින් සිටියදී මේ සිසුවා මෙම ම්ලේච්ඡ අත්දැකීමට මුහුණ දී ඇත. සිදුවීමෙන් සිසුවාගේ හිසෙන් පහල ප්‍රදේශය දැඩි ලෙස පිලිස්සී ඇති අතර මේ වන විට ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවද රෝහල ආරංචි මාර්ග පවසයි.

අම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මැර කල්ලියක් විසින් මෙම ම්ලේච්ඡ ක්‍රියාව සිදුකොට ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන  අතර එම මැර කල්ලිය කාලයක් තිස්සේ අයිස්, ගංජා මත්ද්‍රව්‍ය ජාවාරමද ඇතුලු විවිධ අපරාධ රැසක් සිදුකරමින් ප්‍රදේශයේ කටුතු කරන බවත් ඒ සම්පනදයෙන් පොලීසියට පැමිණිලි කිරීමේ පලක්නොමැති බවත් ඇතැම් පොලිස් නිලධාරින් විසින් තොරතුරු ලබාදෙන පුද්ගලයන් සම්බන්දයෙන් මැර කල්ලියට තොරතුරු ලබා දෙන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article