‘‘අද පාර්ලිමෙන්තුව නාඩගම් මඩුවකට සමානයි. මන්ත්‍රීවරු තමන්ගේ විරෝධය පල කලා මොකද මේ අවස්ථවේ එන්න ප්‍රශ්නයක් නැහැ, නමුත් මේ පිහි අරන් ආව අයට යම්කිසි පියවරක් ගන්න. නමුත් ඒක ගත්තේ නැහැ. තරුණ මන්ත්‍රීවරු අනිවාර්යෙන් ඒකට විරුද්ධව නැගී හිටියා. පාර්ලිමේන්ත්වේ මේ ඇතිවුණ අර්බුදකාරි තත්වයට හා මේ රටේ ඇති වුණු අර්බුදකාරී තත්වයට වගකියන්න ඕනෑ.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ ඊයේ  කසාගල පුරාණ විහාරයේ පැවැති පූජෝත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදීය.
PRANNA RANWEERAජොනි සහ බයිබලය
රාජපක්ෂ මහතා එසේ කියද්දි අද රටේ ප්‍රධාන කථාව බවට පත්ව ඇත්තේ  රාජපක්ෂ කදවුරේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මදාවි හැසිරිම ගැනය.
කථානායක අසුන පැහැර ගෙන යාම, කථානායක අසුනට වතුර වැක්කිරිම,කතානායකවරයාට කුණු කුඩවලින් ගැසිම කථානායකවරයාගේ මයික්‍රෆෝනය ඇතුළු තවත් උපකරණ කඩදැමිම සහ පැහැරගෙන යෑම,මන්ත්‍රිවරුන්ට සහ පොලිසියට පුටුවලින් පහර දිම සහ මිරිස් කුඩු ගැසිම මේ මදාවි ක්‍රියා අතරේ වෙයි.
එපමණක් නොව කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් ක්‍රිස්තියානු කටයුකු භාර  දි ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ දිනයේ ඇමති මංගල රාජපක්ෂට බයිබලයෙන් දමා ගැසිම ගැන කිතුණුවන් තුල මහත් විරෝධයක් මතුවෙමින් තිබේ.මේ පිළිබදව කාර්දිනල් වරයා විසින් ප්‍රකාශයක් කළ යුතුව ඇතැයිද සිය විරෝධය සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන කිතුණු ක්‍රියාකාරිහු පවසා සිටිති.