පවතින වාතාවරණය අනුව මහ මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මේ මස 26 වනදා කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග සිදුකරන සාකච්ඡාවකින් පසු මැතිවරණය කොපමණ කාලයකට කල් දමනවාද යන්න පිළිබදව අවසන් තීරණයකට පැමිණෙන බවද මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කරයි.