මැති ඇමැතිවරු සාමාන්‍ය මගී පර්යන්තය වෙනුවට ගුවන්තොටුපළේ VIP පර්යන්තය භාවිතා කරන්නේ නම් ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වන විට වීඅයිපි පර්යන්තය භාවිතා නොකර සාමාන්‍ය මිනිසුන් ගමන් ගන්නා පර්යන්තය භාවිතා කරමින් ආදර්ශයක් දුන් බවත් මැති ඇමතිවරුන්ටත් ගුවන්තොටුපළට ඇතුළුවීමට හා පිටවිමට සාමාන්‍ය මගී පර්යන්තයම භාවිතා කළ යුතු බවට යම් හෙයකින් වීඅයිපී පර්යන්තය භාවිතා කරන්නේ නම් ඒ සඳහා ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවටත් ඒ මහතා ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සදහන් කලේය.
.