Saturday, November 23, 2024

මාධ්‍යවේදීන්ටම වෙන්වූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලබාදෙන ලෙස ජනමාධ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්

Must read

කොවිඩ් වෛරසයට ගොදුරු වන සියළුම මාධ්‍යවේදීන් සදහා වෙනමම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලෙස රට වටා ජනමාධ්‍යෙව්දියෝ සංවිධානය ජනමාධ්‍ය ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත. රට වටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති සාලිය ගමසිංහ ආරච්චි සහ ලේකම් සුනිල් එස්.පැල්ලන්දෙණිය මහත්වරුන්ගේ අස්සනින් යුතුව යවා ඇති එම ලිපියේ මෙසේද සදහන් වේ.
” ජාතික සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු මේ වන විට කොවිඩ් වෛරසයට ගොදුරු වී සිටී.කොවිඩ් වෛරසයට ගොදුරු වන මාධ්‍යවේදීන්ව ප්‍රතිකාර සදහා දැනට යොමු කරණු ලබන්නේ සාමාන්‍ය ජනතාව යොමු කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතමය.මෙම තත්ත්වය ආකාර කීපයකින් අනතුරු දායක වේ.

මේ වන විට අප රට තුළ විවිධ වෘත්තිකයින් වෙනුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කර පවත්වා ගෙන යයි.නමුත් මාධ්‍යවේදීන් සදහා එවන් කිසිදු පහසුකමක් මේ වන තුරු ලබා දීමට කටයුතු කර නැත.

බිම් මට්ටමේ සිටිමින් කොවිඩ් මර්ධන කටයුතු මෙන්ම වෙනත් ආවරණ සිදු කරන අවදානම් මට්ටමේ වෘත්තීයක නිරත වන මාධ්‍යවේදීන් සදහා විශේෂිත වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලෙස ඒ අනුව ඉල්ලා සිටිමි.”

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article