Friday, September 20, 2024

මාධ්‍යවේදීන්ට පහරදුන් ස්ථානයේ ඉදිවෙමින් පවතින්නේ අනවසර ඉදිකිරිමක් බවට පොලීසිය අධිකරණයට කරුණු කියයි

Must read

පසුගිය ඔක්තෝබර් 12 වනදා මුලතිව් හිදී   දැව ඡාවාරම්කරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදීන් සම්බන්ධ නඩු විභාගයක් නොවැම්බර් මස 03 වනදා මුලතිව් දිස්ත්‍රික් අධිකරණයේදී  පැවැත්විණි.  ෂන්මුගම් තවසීලන් (34) සහ කනපතිපිල්ලේ කුමනන් (27) යන  මාධ්‍යවේදීන් දෙදෙනා මුලතිව් හි මුරිප්පු කැලයේ සිදුවන නීති විරෝධී  දැව ඡාවාරමක් පිළිබඳව හෙළදරව් කිරීමට ගොස් සිටි අවස්ථාවේදී  මෙම ප්‍රහාරයට ලක්විය.
නොවැම්බර් මස 03 වනදා මුලතිව් දිස්ත්‍රික් අධිකරණයේදී  පැවැත්වුණ මෙම නඩු විභාගයට මාධ්‍යවේදීන්  වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටින ලදී. අත්අඩංගුවේ පසුවන  සැකකරුවන් 3 දෙනෙකුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් කරන ලද ඉල්ලීම වෙනුවෙන්  පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයා තරයේ විරුද්ධ වී ඇති අතර මෙම සැකකරුවන් සිදුකර ඇති වරද සාමාන්‍ය පහරදීමක් බවට සැලකිය නොහැකි බවත් එය මහජනතාවගේ ජනජීවිතය හා සම්බන්ධ වරදක් බවට කරුණු ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවෙ පසුවන සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුව හදුනාගැනීමේ පෙරෙට්ටුව එදින පැවැත්වීමට නියමිතව තිබූ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එදින පෙරෙට්ටුව පැවැත්වී නොමැත.
මුරිප්පු කැලය ආශ්‍රිතව සිදුවෙමින් තිබූ නීති විරෝධී තේක්ක ගස් කැපීම වාර්තා කරන්නට ගිය මාධ්‍යෙව්දීන් දෙදෙනො ට පහර දෙන විට ඔවුන් තේක්ක ගස් වලින් සාද ලද නිවසක් ඡායාරූප ගතකරමින් සිට ඇති අතර එම ඉඩම සැකකරුවන්ට අයිති ඉඩමක් නොවන බව පොලීසිය විසින් අධිකරණයට තොරතුරු වාර්තා කර තිබේ. එසේ නම් වනරක්ෂන දෙපාර්තමේන්තුවට අයත් භූමියක අනවසර ඉදිකිරීමක් සිදුකරද්දී ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවූයේ මන්දැයි විනිසුරුවරයා පොලීසියෙන් විමසා තිබේ.
පහරදුන් සැකකරුවන් විසින්  මාධ්‍යවේදීන් දෙදෙනා ඔවුන්ට අයත් භූමියක ඡායාරුප ගනිමින් සිටි බවට චෝදනාවක්  පහරදුන් සැකකරුවන් විසින්  අධිකරණය හමුවේ පවසා ඇත. ඒ හේතුවෙන් එම ඉඩම හෝ ඒ ආසන්න කිසියම් ඉඩමක් හෝ භූමියක් ඔවුන්ට නොමැති බවට තොරතුරු  ප්‍රදේශීය ලේකම් කාර්යාලය  සනාථ කර ඇති අතර  පොලීසිය විසින් එම තොරතුරු අධිකරණයට ඉදිරිපත්කර තිබේ.
කලක පටන් මුලතිව් වනාන්තරය ආසන්නව සිදුවන මෙම නීතිවිරෝධි දැව ඡාවාරම සම්බන්ධයෙන් පොලීසිය හා වනරක්ෂන දෙපාර්තමේන්තුව විසින් නීතිමය පියවර නොගැනීම සම්බන්ධයෙන්  පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයේදී චෝදනා එල්ල කර තිබේ.
මෙම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන  නොර්වේ පුරවැසිභාවය හිමි පුද්ගලයා වෙනුවෙන්  පසුගිය 27 වනදා  මෝසමක් මගින් ඇප අයදුමක් ඉදිරිපත්කළ අතර ඔහුට අධිකරණයෙන් ඇප ලබාදි තිබේ. ඒ අනුව මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් 4 දෙනෙකුට චෝදනා ඉදිරිපත් කර තිබේ.
මෙම නඩු විභාගය නැවත නොවැම්බර් මස 17 වැනිදා කැදවීමට නියමිතය.

මුරිප්පු ප්‍රෙද්ශයේ විනාශ කර ඇති තේක්ක වගාව
තේක්ක දැව වලින් පමනඛ් ඉදිවෙමින් පවතින අනවසර ගොඩනැගිල්ල

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article