Tuesday, September 15, 2026
spot_img

මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස් කරයි

Must read

daya

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන තුසිත රණවක මහතාගේ නිවස “මග නැගුම“ ආයතනයේ සම්පත් යොදා ගනිමින් ඉදිකිරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් තිදෙනාට එරෙහිව මොරවක අධිකරණයේ පනවා තිබු නඩුවෙන් ඔවුන් තිදෙනා අද (08දා) නිදොස් කොට නිදහස් කර තිබේ.

පසුගිය රජය යටතේ ජනාධිපති ඝාතන තැතකට පැමිණි බව කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදීන් තිදෙනා රඳවාගෙන සිටි බව අධිකරණයේදී කියැවිණි.

ඔවුන් අදාළ නිවස පිළිබද තොරතුරු රැගෙන එමින් සිටියදී 2009 සැප්තැම්බර් 2 වන දින අත්අඩංගුවට පත් වූ අතර වසර 7ක් පුරා විභාග වූ ඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ විත්තිකරුවන්ට අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බවයි.

අද නිදොස් කොට නිදහස් වූ මාධ්‍යවේදීන් තිදෙනා වූයේ එවකට ලංකා පුවත්පතේ සේවය කළ දයා නෙත්තසිංහ, ශාලික විමලසේන හා රවින්ද්‍ර පුෂ්පකුමාර යන තිදෙනාය.

MorawakaCourt

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article