Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්දයෙන් හිටපු ජනපතිගෙන් ප්‍රශ්ණ කිරීමට සැරසෙයි.

Must read

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන  යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ කීත් නොයාර් පැහැර ගැනීම පිළිබඳව මුලින්ම තොරතුරු ලැබුණේ තමාට බවයි. ඉන්පසු ඒ මොහොතේම එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කථාකර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ බවත් කරු ජයසූරිය මහතා සිය කටඋත්තරයේ සදහන් කර තිබිණි.

ඒ අනුව කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස්  අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කට උත්තරයක්‌ ගැනීමට යන බව වාර්ථා වෙයි. මේ බව වාර්ථා කර තිබුනේ  ‘දිවයින’ පුවත්පත විසිනි.එලෙසම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට සදහන් කර ඇත්තේ මේ සම්බන්දයෙන් ඕනෑම අවස්‌ථාවක අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබා දීමට තමන් සූදානම් බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article