Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාධ්‍යවේදී තවසීලන්ට එරෙහි නඩුව

Must read

2019 /04/20 ෂන්මුගම් තවසීලන් අත්අඩංගුවට පත්වූ අවස්ථාව

මුලතිව් මාධ්‍ය සංගමයේ සභාපති ෂන්මුගම් තවසීලන් මහතාට නාවික හමුදා නිලධාරියෙකු විිසින් ගොනුකරන ලද  නඩුව පසුගිය 10 වනදා කැදවන ලදි. අතුරුදහන්වුවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවයක් සිදුකරමින් සිටි අවස්ථාවේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් 2019.04.20 වනදා  මුලතිව් පොලීසිය විසින් මාධ්‍යෙව්දී තවසීලන් මහතාව විමර්ශනයක් සඳහා  කැඳවූ අවස්ථාවේදී  අත්අඩංගුවට ගන්නා ලදී. මෙම නඩුවේ තවත් නඩුවිභාගයක් පසුගිය 10 වනදා කැදවූ අතර පෙත්සම්කරු වෙනුවෙන් සාක්‍ෂි දීමට නාවික හමුදා නිලධාරියා  නොපැමිණි බැවින් වැඩිදුර විමර්ශන සඳහා නඩුව 2025.01.16 දිනට කල් තැබිණි.  මෙම නඩුව  මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ  ගරු විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් මහතා ඉදිරියේදී විභාගයට ගන්නා ලදී.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article