Friday, September 20, 2024

මාධ්‍යවේදී කුමනන්ගේ රාජකාරියට තර්ජනය කිරීමට එරෙහිව පොලිස් පරීක්ෂණ අරඹයි

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ  , වට්ටුවාගල් ප්‍රදේශයේදී (2022 මාර්තු 07දින )  මාධ්‍යවේදී කුමනන් මහතා සිදුකරමින් සිටි මාධ්‍ය ආවරණයට පොලීසිය විසින් තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් සහකාර පොලිස් අධිකාරීවරයා පොලිසියට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ සිදුවීම –  2022 මාර්තු 07 වනදින වට්ටුවාගල් ප්‍රදේශයේදී  පිහිටා ඇති ගෝඨාපාය නාවික හමුදා කඳවුරට දෙමළ ජනතාවට අයත් ඉඩම් අත්පත් කර ගැනීමේ ඉඩම් මැනුම් කටයුතුවලට එරෙහිව ඉඩම් හිමි දෙමළ ජනතාව සහ මහජන නියෝජිතයින් මුලතිව් ගෝඨාභය නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

එම ප්‍රවෘත්තිය වාර්තා කිරීමට එම ස්ථානයට ගිය මාධ්‍යවේදී ගණපතිපිල්ලේ කුමනන්ට මුලතිව් පොලිසියේ සහ හමුදා නිලධාරීන්ගෙන් බාධා එල්ල විය.

ජනතාව විරෝධතාවයේ නිරත වූ ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි මාධ්‍යවේදියා වෙත පැමිණි නාවික හමුදා නිලධාරියෙකු විසින් තමන්ට මෙහි ඡායාරූප ගත නොහැකි බවට තර්ජනය කර මාධ්‍ය හැඳුනුම්පත පරීක්ෂා කර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබුණි

එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මාධ්‍යවේදී කුමනන්ව අතින් අල්ලාගෙන මාධ්‍ය හැඳුනුම්පත පෙන්වන ලෙස බල කර ජංගම දුරකථනයෙන් මාධ්‍ය හැඳුනුම්පතේ ඡායාරූපයක් ගත් අතර පොලිසිය මාධ්‍යවේදියා ළඟට පැමිණියේ තර්ජනය කරමිනි.

ඒ සමඟම නාවික භටයන් සමඟ සිවිල් ඇඳුමින් සිටි ඇතැමුන් විරෝධතාකරුවන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ගත් නමුත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විමර්ශනයක් සිදු නොකළ පොලිසිය ඒ වෙනුවට රාජකාරියේ යෙදී සිටි මාධ්‍යවේදිියාට බාධාකරමින්  සහ ඡායාරූප ගැනීමට සහ  රාජකාරියට බාධා කරමින් තර්ජනාත්මක ක්‍රියාවල නිරතව තිබුණි

මෙම සිද්ධිය වූ දින මුලතිව් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ තරුණ කණ්ඩායම් නායක හා පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මුතුචමි මුකුන්දජන් විසින් කුමනන් මාධ්‍යවේදියාට තර්ජනය කිරීමේ සිද්ධියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරිමට කටයුතු කර ඇත.

එම ලිපියේ දක්වා තිබුනේ   මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණ පවත්වා මාධ්‍යවේදියාට තර්ජනය කළ පුද්ගලයන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගෙන මෙම මාධ්‍යවේදියාට සාධාරණයක් ඉටුකර දෙන ලෙසය

මෙයට ප්‍රතිචාර ලෙසින් 2022.06.27 දින මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට අගමැති සහකාර ලේකම්  විසින් මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස උපදෙස් දි තිබුණි

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  මාධ්‍යවේදී ගණපතිපිල්ලේ කුමනන් මහතා පසුගිය දෙසැම්බර් 29 වනදා  පෙ.ව.10.00ට මුලතිව් සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ  ප්‍රකාශයක් ලබාදෙන ලදි.

සබැඳි පුවත් …

උතුරේ මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට හමුදාවේ බලපෑම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article