Tuesday, February 4, 2025

මාධ්‍යවේදී කුමනන්ගේ පියාණන්ගේ අවසන් කටයුතු අද ( 02)

Must read

යුද පීඩිත වන්නියේ මුල් පෙලේ දෙමළ මාධ්‍යවේදියකුගේ ආදරණිය පියාණන් දිවි සැරිය නිමා කර තිබේ.

මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපති, දෘශ්‍ය මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ගේ පියා වන සෙල්ලප්පා කනපතිපිල්ලේ කලක් රෝගාතුරව සිට 2025 ජනවාරි 01 වැනිදා  මිය යන විට 69 වැනි විය පසු කර තිබුණි.

හිටපු පශු සම්පත් සංවර්ධන තාක්ෂණවේදියකු වන ඔහු පුතුන් පස් දෙනකුගේ සහ එක් දියණියකගේ පියෙකි.

දේහය මේ වන විට මුල්ලියවලෙයි, කුමලමුනෙයි පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

කනපතිපිල්ලේ පියාණන්ගේ අවසන් කටයුතු 2024 ජනවාරි 2 වැනිදා පස්වරු දෙකට කුමුලමුනෙයි, තාමරෙයිකේනි පිහිටි හින්දු සුසාන භුමියේ දී සිදු කරනු ලැබේ.

මාධ්‍යවේදී කුමනන් යුද පීඩිත උතුරේ සිදුවන මානව හිමිකම් කඩකිරීම් ඇතුළු අපරාධ සහ දුෂණ වංචා ඡායාරුපයෙන් මෙන්ම ලේඛනයෙන්ද අනාවරණය කිරීමෙන් ජාත්‍යන්තර අවධානයට ලක්වූ මාධ්‍යවේදියෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article