මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට සම්බන්ධ සැකකරුවන් වන හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ 42 සහ 46 හැවිරිදි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද (2) අත්අඩංගුවට ගෙන තිබේ.
මාධ්‍යවේදී කීත් නොයාර් දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි ඔහුගේ නිවස අසලදී පැහැරගෙන ගොස් තිබුණේ 2008 වසරේදීය.


