Friday, September 20, 2024

මහනුවර ගොඩනැගිල්ල ගිලා බැසීමට හේතුව හෙළිවෙයි

Must read

මහනුවර , බූවැලිකඩ ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව එහි ව්‍යුහයේ දුර්වලතා හා ඉදි කිරීම් අමුද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොර වීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා සඳහන් කළේ, අදාළ පරීක්ෂණයේ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාර දුන් බවයි.

ගොඩනැගිල්ල ඉදි කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා අවස්ථා 03 කදී මහනුවර මහ නගර සභාවෙන් අවසර ලබාගෙන ඇති අතර  පළමුව මහල් තුනක් ඉදි කිරීම සඳහාත්, දෙවනුව තවත් මහලක් ඉදි කිරීම සඳහාත්, තෙවනුව ගොඩනැගිල්ලේ හතර වැනි මහල හා මුදුන් වහල ඉදි කිරීම සඳහා අවසර ලබා ගෙන ඇත.

ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ, ගොඩනැගිලි ඉදි කිරීමට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් අවසර හා උපදෙස් ලබා ගැනීමෙන් මෙවැනි සිදුවීම් අවම කර ගත හැකි බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article