මරණ දඩුවම පැවතිය යුතු වූවත් එය ක්‍රියාත්මක නොවිය යුතු බව මහින්ද රාජපක්ෂ පවසයි.
මරණ දඩුවම ,දඩුවමක් ලෙස පැවතියත් එය ක්‍රියාත්මක නොකල යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ මාවිත්තර ශ්‍රී තිසරණ ධර්මායතනයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම මගින් මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට හැකි බව ජනාධිපතිතුමන් විශ්වාස කලත් බහුතරයගේ මතය එයට විරුද්ධව බවයි.
කෙසේ නමුත් මේ වන විට මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතු බවට ජනාධිපතිතුන් විසින් දැඩිව කියා සිටින අතර මරණ දඩුවම අහෝසි කිරීම සදහා කෙටුම්පතක් පාර්ලිමෙන්තුවට ගෙන එන්නේ නම් එදින ජාතික ශෝක දිනයක් බවට පත් කරන බවද මින් දින කිහිපයකට පෙර ඔහු සදහන් කර සිටියේය.
- Advertisement -
- Advertisement -