මඩකලපුව කලුවාන්චිකුඩි පොලිස් වසමට අයත් මඩකලපුව, කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කළුතාවල ප්‍රදේශයේ උපක්රමික වැටලීමේ පරීක්ෂණයක කොටසක් ලෙස කලුවංචිකුඩි පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව අද 2024.03.14 දින වැටලීම් මෙහෙයුමක් සිදු කරන ලදී.
මේ අතරවාරයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පෞද්ගලික බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කර මගීන් ගොඩබෑම, නිල සුනඛයන් යොදා පරීක්ෂණ කටයුතු සිදුකෙරිණි.
රටපුරා මත්ද්‍රව්‍ය වැටලීමෙන් පසු කළුතාවලි ප්‍රදේශයේද මෙම උපක්‍රමශීලී වැටලීම සිදුකර තිබේ.
පරීක්ෂා කළ වාහනවල පොලිසිය විසින් මත්ද්‍රව්‍ය නාශක ස්ටිකර් අලවා තිබීම විශේෂත්වයකි