ලංගම හා පෞද්ගලික බස් රථවල මගීන්ට හිංසා වන අයුරින් වාදනය කෙරෙන ඝෝෂාකාරී ගීත හා වීඩියෝ පට වාදනය නැවැත්වීමටත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද සුභාවිත ගීත අඩංගු තැටි ලබා ගැනීමටත් බස් රථරියදුරන්ට හා කොන්දෝස්තරවරුන්ට ජනවාරි 15 දක්වා සහන කාලයක් ලබා දීමට තීරණය කර ඇති බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සහන කාලය තුළ අදාළ සුභාවිත ගී තැටි ලබාගෙන මගීන්ට පීඩා නොවන අයුරින් ඒවා වාදනය කරන ලෙස සියලු රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් ඉල්ලා සිටින බව මහින්ද අමරවීර මහතා සදහන් කරයි.