Saturday, September 21, 2024

භාණ්ඩ රැසකට විශේෂ වෙළද භාණ්ඩ බද්දක්

Must read

අද සිට මාස 6ක කාලයක් තුල ක්‍රියාත්මක වන පිරිදි සීනී, පරිප්පු, අර්තාපල්, වියළි මිරිස්, සැමන් ඇතුළු ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක් මත අයකරණ විශේෂ වෙළද භාණ්ඩ බදු අද ඉහළ දැමු බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යංශය අද නිවේදනය කළේය.


අද කළ බදු සංශෝධනයට අනුව ආනයනික සීනී කිලෝග්‍රෑම් එකක් මත අය කළ රුපියල් 35 ක් වූ බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දමා තිබේ.

ඒ අනුව සීනී කිලෝග්‍රෑම් එකක ආනයන බදු රුපියල් 15 කින් ඉහළ යනු ඇති.

මෙතෙක් සැමන් ඇතුළු ආනයනික ටින් මාලු කිලෝ එකක් මත අය කළ රුපියල් 50 ක් විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 100 ක් දක්වා ඉහළ දමා තිබේ.

ඒ අනුව ටින් මාලු කිලෝග්‍රෑම් එකක බද්ද රුපියල් 50 කින් වැඩි වනු ඇති.

බදු සංශෝධන අනුව වියළි මිරිස් කිලෝග්‍රෑම් එකක් ආනයනයේදී අය කළ රුපියල් 25 ක බද්ද රුපියල් 100 දක්වා රුපියල් 75 කින් ඉහළ දැමුවේ ය.

ආනයනික අර්තාපල් කිලෝවක් මත බද්ද රුපියල් 25 කින් ඉහළ දමා ඇත්තේ කිලෝවකට රුපියල් 25 ක් වූ බද්ද රුපියල් 50 දක්වා ඉහළ දමමින් ය.

කඩල කිලෝග්‍රෑම් එකක් මත අය කළ විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 05 සිට රුපියල් 10 දක්වා ඉහළ යනු ඇති.

සුදු ලූණු කිලෝග්‍රෑම් එකක් මත අයකරන බද්ද රුපියල් 40 සිට 50 දක්වා ඉහළ දමා ඇති අතර රතු ලූණු කිලෝවක් මත අයකරන බද්ද රුපියල් 50 කි.

ආනයනික යෝගට් කිලෝ එකක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 625 ක් වූ බද්ද රුපියල් 800 දක්වා ඉහළ දමා තිබේ.

මේ අතර මිදි , ඇපල් , දොඩම්, රටඉදි ,රට කජු, බඩ ඉරිඟු, මාගරින් ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම කුළු බඩු හා පාම් තෙල්වර්ග ඇතුළු භාණ්ඩ රැසක විශේෂ වෙළද බාණ්ඩ බදු අද ඉහළ දවා ඇත.

 

සම්පුර්ණ ලැයිස්තුව සහිත මාධ්‍ය නිවේදනය

 

(newsfirst.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article