Friday, September 20, 2024

බිරිදගේද උදව් ඇතිව අවු.12ක දැරියක් අපයෝජනය කල යුවලක් බුත්තලදී අත්අඩංගුවට

Must read

පුද්ගලයෙකු, ඔහුගේම බිරිදගේද අනුබලය ඇතිව වයස අවුරුදු 12 ක දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ පුවතක් බුත්තල,ඔක්කම්පිටිය ප්‍රදේශයෙන් වාර්ථා වෙයි.

දැරියට ලිංගික අතවරය සිදුකල පුද්ගලයාගේ බිරිද දැරියට යෝගට් දෙන බව පවසා නිවසට කැදවාගෙන පැමිණි ඇති බව වාර්ථා වන අතර මෙසේ අතවරයට ලක්ව ඇත්තේ අතවරය සිදුකල පුද්ගලයාගේ ඥාති දියණියක් බවත් ඇය මානසික ආබාධ තත්වයකින් පෙලෙන දියණියක් බවත් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලේ ගතකර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඔක්කම්පිටිය පොලීසිය විසින් සිදුකරයි

(source – newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article