දිවයිනට බලපා ඇති තද සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට සිදුවූ බාධාවන් අද (28) දිනය තුල යථා තත්වයට පත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ හේතුවෙන් ඒ සම්බන්දයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ නිවාස ඒකක 177,000කට අධික සංඛ්‍යාවකට එලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී තිබු බවය.