බ්‍රසීලයෙන් චීනය වෙත ආනයනය කල කුකුල් මස් තොගයක කොරෝනා වෛරසය තිබූ බවට හදුනාගත් බව චීනය විසින් ඊයේ (13) දිනයේදී නිවේදනය කලේය.එම කුකුල්මස් තොගයෙන් ලබාගත් සාම්පලයක් පරික්ෂා කිරීමේදී එහි පෘෂ්ඨයේ තිබී නව කොරෝනා වෛරසය හදුනාගැනීමට බලධාරීන් සමත් වී තිබේ.
කෙසේ වෙතත් මෙම කකුල් මස තොගය හා ගැටුන පුද්ගලයන් හා වෙනත් ආහාර ද්‍රව්‍ය සියල්ල මේ වන විට කොරෝනා වෛරසය සදහා පරීක්ෂා කර ඇති අතර එහිදී එම සියලු පුද්ගලයන්ගගේ සිරුර තුල හා සාම්පලවල කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වී ඇත.
මෙම තත්වවය හමුවේ එම කුකුල් මස් තොගයේ වෙලඳනාමයෙන් මේ වන විට චීන වෙළඳපොලට නිකුත් කර ඇති ආහාර හා භාණ්ඩ සෙවීම මේ වන විට ආරම්භ වී තිබේ.
පසුගිය දිනකදී චීන අවහන්හලක තිබූ ඉස්සන් තොගයකද තිබී කොරෝනා වෛරසය හදුනාගැනීමේ සිදුවීමක් චීනයෙන් වාර්තා විය.