Friday, September 20, 2024

බස් රථ තුළ වෛරසය පැතිරීම වළක්වා ගැනීමට විද්‍යාත්මක කරුණු පැහැදිළි කිරීමක්

Must read

බස් රථ තුළ මගීන් ගමන් කිරීමේ දී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධව හා සිදුවිය හැකි බලපෑම පිළිබඳව  විද්‍යාත්මක කරුණු  ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් ලබා දෙන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහණ ක්ෂේත්‍රයට අදාල විද්වතුන් වෙතින් ඉල්ලීමක් කර තිබිනි.

ඒ් අනුව මොරටුව විශ්ව විද්‍යාලයට සම්බන්ධව කටයුතු කරන ආචාර්යවරුන් කිහිප දෙනෙක් විසින් බස් රථ තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බලපෑ හැකි කරුණු මෙන්ම එය වළක්වා ගත හැකි කරුණු සම්බන්ධයෙන් සකස් කළ පර්යේෂණ වාර්තාවක් අමාත්‍යවරයාට ඉදිරිපත් කර තිබේ.

එම විද්‍යාත්මක පර්යේෂණයේ දී හෙළදරව් කර ගත් කරුණු අනුව බස් රථයක් ගමන් කරන විට ජනෙල් විවෘතව තබන හෙයින් බස් රථය තුළට ගමන් කරන සුළං දහරාවන් හි වැඩිම බලපෑම පවතින්නේ පසුපස  ආසනවලටය.

එමෙන්ම පසුපස කොටසේ සිට සුළං දහරාවන් සුළියක් සේ කැරකෙමින් බස් රථයේ ඉදිරි පසට හමා ඒමක් සිදුවේ.

එමනිසා බස් රථයක් තුළ ගමන් කරන කොවිඩ් 19 ආසාදිතයෙක් වෙතින් නිකුත්වන කිවිසුමක් තුළින් සමස්ත බස් රථයේම ගමන් කරන මගීන් වෙත බලපෑමක් එල්ල විය හැකි බව වායු දහරා ගමන් කිරීමේ ස්වභාවය අධ්‍යයනය කිරීම තුළින් පැහැදිලි වි තිබේ.

අනෙක් කරුණ නම් බස් කොන්දොස්තරවරයා අතිශයින්ම අවදානම් තත්ත්වයට මේ නිසා පත් වන හෙයින්  ඔහු ආරක්ෂා වීම බස් රථය තුළ ගමන් කරන මගීන් ගේ නිත්‍ය ආරක්ෂාවට හේතුවේ. නමුත් රියදුරු ආසනය තිබෙන ස්ථානය අනුවබස් රථයේ රියදුරා ආරක්ෂිතම පුද්ගලයා වේ.

ඔහු සිටින ආසනය අවරණය වී ඇති නිසා සුළං දහරාවලින් ඝෘජු බලපෑමක් ඒල්ල නොවේ.

එමනිසා බස් රථ තුළ ආසන ගණනට මගීන් ගෙනගියද, සෑම මගියෙක්ම මුව ආවරණ පැඳ සිටීම මෙන්ම විෂබීජනාශක මගින් අත් පිරිසිදු කර ගැනීම ද අතිශයින් වැදගත් වේ.

දැනට ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ඉවත් කළ පසුව ප්‍රවාහන සේවා දැනට වඩා ක්‍රියාත්මක වන බැවින් බස් රථවල මගීන්ගේ ආරක්ෂාව සඳහා ගත යුතු හොඳම ක්‍රියාමාර්ග අතර ආසන ගණනට පමණක් මගින් ගෙන යාම බව ඔවුහු අවධාරණය කළහ.

බස් රථයක් තුළ සිටගෙන යාම කොවිඩ් 19 වෛරසයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් පවතී.

එමනිසා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි ප්‍රවාහණ සේවා තුළ කටයුතු කිරීම අතිශයින් වැදගත් වේ.

එමෙන්ම මහජනතාව වැඩි පුර ගැවසෙන නාගරික ප්‍රදේශවල වැඩිපුර අමතර බස් යොදවන ලෙසත්, ආසන ගණනට මගීන් රැගෙන යාම අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ඊයේ රුස්වු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අතිගරු ජනාධිපතිතුමන් හා ගරු අගමැතිතුමන් විසින් උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

(adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article