Saturday, September 21, 2024

බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට තීරණයක්

Must read

මංතීරු හතරක් ඇති මාර්ගයන් හි වම්පස තිබෙන පළමු හා දෙවන මංතීරු බස්රථ, යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වෙන්කිරීමටත්,  මංතීරු තුනක් ඇති මාර්ගවල වම්පස පළමු මංතීරුවේ බස් රථ ත්‍රීරෝද රථ හා යතුරුපැදි සදහා වෙනකර දෙවන මංතීරුවෙන් ඉස්සර කර ඉදිරියට යා හැකි වන පරිදි බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගැනීමට තීරණය කල බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස් ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතියේ පෙරහුරු ක්‍රියාත්මක වෙමින් පවතින අතර බස් මංතීරුවේ පමණක් යතුරුපැදි හා ත්‍රීරෝද රථ ධාවනය කිරීම අනිවාර්ය කිරීම සම්බන්දයෙන් සමාජ මාධ්‍ය හරහා මෙන්ම රියදුරන්ගේද වැඩිපිරිසකගේ අප්‍රසාදය පලවී ඇති ආකාරය දැක ගත හැකි විය.

ප්‍රමුඛතා බස් මංතීරුව ඇතුළුව මංතීරු නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ පෙරහුරුව අද පස්වන දිනටත් ක්‍රියාත්මක වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article