කුරුණෑගල දඹුල්ල මාර්ගයේ අතිශය සුන්දර පරිසරයක පිහිටි ගස්කොලන් කපා දමා පසුගිය කාලයේ බඩගමුව රක්ෂිතය දෙපස කොන්ක්‍රිට් ඇවිදින මංතිරුවක් හැදුවද දැන් එය සැබැවින්ම සුදු අලියෙකි.
එපමණක් නොව ලක්ෂ ගණන් වැය කරමින් මෙහි සදා ඇති වැසිකිලි කිපයක් වුවද ඉන් එකක් හෝ ප්‍රයෝජනයට ගත නොහැකි සේ වසා දමා ඇත.
දුරගමන් යනෙන බොහෝ දෙනා විවේකිව මදක් නැවති වැසිකිලි භාවිතා කිරිමට සිතා මෙම ස්ථානයට පැමිණි පසු එහි තත්වය ගැන ඇතිව තිබුනේ දැඩි කෝපයකි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් කියා තිබුනේ මේවා විශාල මුදලක් වැයකරමින් මේ නටා ඇති පිස්සුව දේශපාලකයන්ට කොමිස් හම්බකරගන්න හදාගත්තු එකක් මිස ජනතාවට සෙත සලසන එකක් නම් නොවන බවය
gas tikka kapa ganna thama oka kale