Saturday, September 21, 2024

බටහිර පැපුව නිදහස් අරගලයේ නායක ෆිලෙප් කර්මාගේ අවමංගල්‍ය පෙරහැරට ඉන්දුනිසියන් හමුදාවෙන් බාධා ..

Must read

පසුගිය නොවැම්බර් 01 වෙනිදා බටහිර පැපුවාවේ ජයපුරා වෙරළ තිරයේදි මිය ගිය පැපුවා නිදහස් අරගලයේ නායකයා වු ෆිලෙප් කර්මාට ගෞරවය දැක්විම සදහා අවමංගල පෙරහැරට දහස් ගණනින් පැපුවා ජනයා එක්ව සිටියහ.

ෆිලෙප් කර්මා මිය වන විට 63 වන වියේ පසුවිය .

නිදහස් අරගලය වෙනුවෙන් කර්මා අවස්ථා ගණනාවකදිම ඉන්දිනිසියනු හමුදාවන් විසින් අත්අඩංගුවට ගෙන මාස ගණන් සිරගත කොට තබා ඇත.

ඉන්දුනිසියාව  විසින් තම ප්‍රාන්තයක් සේ සලකන බටහිර පැපුවාව නිදහස් කරගැනිමට සදහා කර්මා වැනි නායකයන්ගේ මුලික්තවයෙන් දැවැන්ත නිදහස් අරගලයක් දැන් වසර  ගණනාවක් තිස්සේ ක්‍රියාත්මය.

මේ අරගලය මර්ධනය කිරිම සදහා ඉන්දුනිසියානු ආරක්ෂක අංශ විසින් දිනපතාම දැවැන්ත මර්ධනයක් මුදා හැර තිබේ.

බටහිර පැපුවා එක්සත් විමුක්ති ව්‍යාපාරයේ පිටුවහල් කරන ලද නායකයෙකු වුන බෙනි වෙන්ඩා ප්‍රකාශ කර සිටියේ ෆිලෙප් කර්මාව පැපුවන් ජනයා විසින් මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා ,මාර්ටින් ලුතර් කිං, සමාන කරන බවය.

දහස් ගණනක් ජනයා කර්මාට අවසන් බුහුමන් දැක්විමට එකව සිටියදි එයට බාධා කිරිම ගැන ඉන්දුනිසියානු හමුදාව වෙත සිය විරෝධය පළකරන බවද බෙනි වෙන්ඩා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article