Thursday, November 21, 2024

පෞද්ගලික විරසකයක් ද ? – චම්පික කපා ගොඩහේවා පත්කරයි !

Must read

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාවවිපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නම් නොකිරීමට විපක්ෂය තීරණය කර ඇත.

ඒ වෙනුවට විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ගේ නම ඉදිරිපත් කර තිබේ.

කථානායකවරයා විසින් ඉදිරිපත් කළ නිවේදනයක එබව දැක්වෙයි.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් වනතුරු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ධූරයේ කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකයි.

අද දිනයේ කථානායකවරයා විසින් කරන ලද නිවේදනයට අනුව ක්‍රම සහ විධි කාරක සභාව සඳහා විපක්ෂයේ කිසිදු නමක් ඉදිරිපත් කර නොමැත.

විශේෂයෙන්ම, ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සභාපතීත්වය දැරූ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ක්‍රියාකාරී සභිකයෙක් වශයෙන් කටයුතු කළ පාඨලී චම්පික රණවක, සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හර්ෂ ද සිල්වා විදේශගත වූ කාල වකවානුව තුළ රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ද, සභාපතිවරයා විසින් කටයුතු කළේය.

තත්ත්වය එසේ තිබියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සභිකයන් තෝරාගැනීම සඳහා විපක්ෂයට පවතින කෝටාව වෙනුවෙන් පාඨලී චම්පික රණවකගේ නම ඉවත් කොට සමගි ජන බලවේගය වෙත අලුතින් එක් වූ ආචාර්ය නාලක ගොඩහේවා පත් කරන ලද්දේ චම්පික රණවක කෙරෙහි පවතින පෞද්ගලික විරසකයක් පිරිමැසීම සඳහා ද යන සැකයක් පවතින බව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කරති.

මින් පෙර ද, පාඨලී චම්පික රණවක ට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා වෙලාව ලබා දීමේ දී ද කප්පාදුවක් සිදුවන බව ඔහු විසින් සඳහන් කර තිබිණ.

එසේම, පාඨලී චම්පික රණවක විසින් සභාපතීත්වය දැරූ පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කමිටුව මගින් රජයේ ප්‍රධාන ආදායම් ප්‍රභවයන් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල පවතින අකාර්යක්ෂමතා ඉවත් කරගනිමින්, හිඟ බදු අයකරගැනීම, විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හරහා ආදායම් කිහිප ගුණයකින් ඉහළ නංවාලීමට හැකියාව ලැබූ බව එම ආයතනවල ආදායම් වාර්තා මගින් පසුගියදා පෙන්වා දී තිබිණ.

එවන් තත්ත්වයක් තුළ එසේ චම්පික රණවක මන්ත්‍රීවරයා නම් නොකිරීම හරහා විපක්ෂ නායකවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැටළුවක් බව ද ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.

1 p

2 p

 

 


theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article