Friday, September 20, 2024

පොල් ගෙඩියේ ප්‍රමාණය අනුව මිල තීරණය කරන්න ගැසට් නිවේදනයක්

Must read

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නියෝග අද සිට බලපැවැත්වෙන බව එම අධිකාරිය අදාළ ගැසට් නිවේදනයෙන් පවසයි.

එහිදී පොල්ගෙඩියක් සඳහා උපරිම මිල තීරණය කර ඇත්තේ එහි වට ප්‍රමාණය අනුවය.

වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 70කි.

වට ප්‍රමාණය අඟල් 12-13 අතර වන පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 65කි.

වට ප්‍රමාණයඅඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කට අලෙවි කළ යුතුය.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 20(5) වගන්තිය මගින් සලසා ඇති විධිවිධාන ප්‍රකාරව ක්‍රියාකරමින් කිසිදු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්ඳෙකු විසින් එම මිලට වඩා පොල් අලෙවි කිරීම, අලෙවිය වෙනුවෙන් තැබීම හෝ අලෙවියට ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව එම අධිකාරිය නියෝග කර තිබේ.

(අදදෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article