Wednesday, November 27, 2024

පෑලියගොඩට ආ මඩකලපුවේ 11 දෙනෙකුට කොරෝනා

Must read

පෑලියගොඩ මාලු වෙළද  සංකීර්ණයට ගොස් ඇති මඩකලපුවෙහි පුද්ගලයින් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය  වී ඇති බවට අද (24) වනදා තහවුරුවූ බවට   නැගෙනහිර පළාත් සෞඛ්‍ය ආධ්‍යක්ෂ වෛද්‍ය ලතාකරන් මහතා පවසයි.  ඒ අනුව නැගෙනහිර  තවත්බොහෝ ස්ථානවල තවත්  කොරෝනා ආසාධිතයින්  සිටින බවටත් තොරතුරු වාර්තා වී ඇත.  ත්‍රිකුණාමළය ,පොතුවිල්, කල්මුණේ, මඩකලපුව වැනි ප්‍ර දේශ වලින්ද පෑලියගොඩට පැමිණ ඇති පිරිස් සිටින බවත් ඒ අතර කොරෝනා ආසාධිතයින්ද සිටින බව අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර ඇත.  ‍මෙම 11 දෙනා මාළු ව්‍යාපාරිකයින් වෙති.
මේ තත්ත්වය හමුවෙ  අනවශ්‍ය ලෙස පාරට බසීමෙන් වළකින ලෙසත්, කිසියම් මැදිහත්වීමක් ඇත්නම් පොලීසිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට  දැනුවත් කරන ලෙසත්, ආසාදනය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.


දේවා

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article