පාර්ලිමේන්තුවේ ආහාර පාන සදහා වසරකට වියදම රුපියල් මිලියන 120ක්
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්,කාර්යමණ්ඩලය හා අමුත්තන්ගේ කෑම බීම සදහා වසරකට රුපියල් මිලියන 120ක් වැය වන බව පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරීන් පවසයි. එම වියදමින් 75%ක් වැයවන්නේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ ආහාර පාන සදහා බවද එම නිලධාරීන් පෙන්වා දෙයි.
මීට අමතරව වසරක කාලයක් සදහා පාර්ලිමෙන්තුවට විදුලිය සදහා රුපියල් මිලියන 80ක්ද,දුරකථන පහසුකම් සදහා රුපියල් මිලියන 14.5ක්ද ,පානීය ජලය සදහා රුපියල් මිලියන 9ක්ද වියදම් වන බව පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරීන් වැඩිදුරටක් සදහන් කරයි.
- Advertisement -
- Advertisement -