එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්රීධූරයන් ඉල්ලා අස්වී තිබේ.කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ එම මන්ත්රීධූරය සදහා නැවත ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට නියමිත බවද වාර්ථා වෙයි.
ඒ අනුව හිස්වන ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවේ සිටි නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පත්කිරීම සම්බන්දයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති බවට ආරංචි මාර්ග සදහන් කරන අතර ජනාධිපති හා එජනිස මහලේඛම් මහින්ද අමරවීර මහතාට ඔවුන්ට කැමති පුද්ගලයෙකු මෙම ධූරයට පත්කිරීමේ අවස්ථාව හිමිය.