Monday, November 25, 2024

ප්ලාස්ටික් නිශ්පාදන 7ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක් ඉදිරියේදී

Must read

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මින් පෙර නිකුත් කල ගැසට් නිවේදන මගින් ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් හැඳි, ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් පිහි,ග්‍රොසරි බෑග් සහ සිලි සිලි බෑග්, ප්ලාස්ටික් ගෑරුප්පු, ඉඳි ආප්ප වට්ටි, කෘතිම තණ ඇතිරිලි, පොලිතින් මල් මාලා , ඇතුළු පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශයේ කටයුතු කළේය.

ඒ අනුව ඉදිරියේදී නීතිපතිවරයාගේ නිර්දේශ ලැබුණු වහාම එම නිශ්පාදන 7 නිශ්පාදනය තහනම් කරමින් ගැසට් නිවේදනය නිකුත් කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article