Sunday, September 22, 2024

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම සම්බන්ද අභියාචනා ඉදිරිපත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙයි.

Must read

Ministry-of-Education

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී යම් කිසි අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිලිබදව වන අභියාචනා ඉදිරිපත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. එහිදී පළමුව අදාළ පාසලටත් පසුව අධ්‍යාපන අමාත්‍යංශයට හෝ අදාළ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පැමිණිලි වලට අදාළ අභියාචනා ඉදිරිපත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි.

මේවන විට පළමු වසරට අදාළ අවසන් නාමලේඛන පාසල් තුළ ප්‍රදර්ශනය කිරීම සිදුවන අතර අසාධාරණයන්ට ලක්වූවන්ට සහන ලබාදීමට විශේෂ සහන ඒකකයක් පිහිටුවා එමගින් ඇතිවන ගැටළු නිරාකරණය කිරීමට කටයුතු කර ඇතැයි අමාත්‍යංශයේ පාසල් සම්බන්ධීකරණ ඒකකය පවසයි.

මේ වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 15 වැනි දා සිදු කිරීමට සියලුම පාසල් වෙත අවශ්‍ය උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශය යොමුකර ඇතැයිද වාර්තාවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article