Sunday, September 22, 2024

පසුගිය රජයෙන් නීතිවිරෝධීව අත්සන්කල ගිවිසුම් මේ රජයෙනුත් ක්‍රියාත්මකයි? – ටිල්වින් සිල්වා

Must read

image_1488706631-b50c8c23f9

2007 වසරේදී පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ඇමරිකානු රජයේ ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රීලංකාව අතර  අත්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ හරස් සේවා ගිවිසුම” ( Acquisition and Cross-Services Agreement ) වර්තමාන රජය විසින්ද පවත්වාගෙන යාමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

වසර 10ක් වලංගු එම ගිවිසුම ඊයේ දිනයෙන් එනම් 2017 මාර්තු 05 වනදා අවසන් වන බවයි. ජනතා විමුක්ති පෙරමුණේ ලේඛම් ටිල්වින් සිල්වා මහතා පවසන අතර එම ගිවිසුම ඇරිකානු තානාපති රොබට් බ්ලේක් මහතා හා හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂ මහතා අතර ඇතිවූ ලිවිසුමක් බවත් සදහන් කරනවා.

වර්ථමාන රජය විසින්ද මෙම ගිවිසුම තවත් වසර 10කට දික් කිරීමේ සූදානමක් ඇති අතර එමගින් ඇමරිකාවට යුධ සහය අවශ්‍යය ඕනෑම අවස්ථාවක එම සහය ලබා දීමට ශ්‍රීලංකාව මෙම ගිවිසුම සමග බැදී සිටිනවා. මෙවැනි ක්‍රියාවන් මගින් අපට රටක් වශයෙන් කිසිදු වාසියක් නොවන බවත් අප රටක් වශයෙන් අනෙකුත් රාජ්‍යයන්ගේ යුධමය තත්වයන්ට සහභාගී නොවන නිසා එවැනි ිවිසුමක් අවශ්‍ය නොවන බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසනවා.
www.dailymirror.lk ඇසුරිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article