Friday, November 15, 2024

පරිඝණකයෙන් IELTS ලිවීමේ හැකියාව මෙරට සිසුන්ට

Must read

IELTS

2018 නොවැම්බර් 21 වනදා සිට IELTS පරීක්ෂණයට පරිඝණකය හරහා මුහුණ දීමට හැකියාව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වූ සිසුන් වෙත ලබාදීමට තීරණය කර තිබේ.

ලොව ජනප්‍රියම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණනතා විභාගය වන IELTS වෙත මුහුණ දීමට මේ හරහා සියළුම ශ්‍රී ලංකික සිසුන්ට පහසු වනු ඇති. පරිගණකය පදනම් කරගත් මේ ක්‍රමය හේතුවෙන් සතියකට විභාගය පැවැත්විය හැකි වාර ගණන වැඩිකල හැකි බැවින් තමන්ට නියමිත විභාග දිනය යොදාගැනීමෙදීද අයදුම්කරුවන්ට සිදුවන අපහසුත්වයන් අඩුවන අතර මින් පෙර ප්‍රථිඵල නිකුත් කිරීමට දින 13ක් ගතවූවත් මේ හරහා දින 5ක් ඇතුලත ප්‍රථිඵල නිකුත් කල හැකි වනු ඇත.

මෙම නව ක්‍රමය හරහා අයදුම්කරුවන්ට කියවීම,සවන්දීම හා ලිවීම පරිඝණකය හරහා සිදුකල හැකි  අතර කථන පරීක්ෂණය පමණක් මුහුණට මුහුණලා පැවැත්වෙනු ඇති. මුල් පරීක්ෂණ තුන එකම දිනයක අවසන් කල යුතු අතර කථන පරීක්ෂණය ඊට පෙර හෝ පසු දිනයක අවසන් කල හැක.(සතියක් ඇතුලත)

පරිඝණකය හරහා මෙම පරීක්ෂණ්‍යට මුහුණ දීමේ හැකියාව මුලින්ම ක්‍රියාත්මක වූයේ පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවේදීය.මේ වසරේදී එය ලොවපුරා ව්‍යාප්ත කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article