Friday, September 18, 2026
spot_img

නොරොච්චෝලේට ගල් අගුරු ගන්න ලංසු ඉදිරිපත් වී නැහැ

Must read

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අගුරු සැපයීමට ලංසු ඉදිරිපත් නොවීම හේතුවෙන් ටෙන්ඩර් දෙකක් අවලංගු වී ඇති බව “අද” වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

කෙසේ වෙතත් විදුලි සැපයුම අඛණ්ඩව ලබාදීමට නම් ලබන අප්‍රේල් මස වන විට ගල්අගුරු මෙට්‍රික් ටොන් 650000ක අවශ්‍යතාවයක් ඇති වී තිබේ.

කෙසේ වෙතත් ලංසු ඉදිරිපත් නොවීම හේතුවෙන් ටෙන්ඩර් අවලංගු වීමත් සමග ලංවිම සාමාන්‍යාධිකාරිවරයා විසින් පස්වන ක්ෂණික මිලදීගැනීම් හරහා අවම ගල්අගුරු අවශ්‍යතාවය වන ගල්අගුරු මෙට්‍රික් ටොන් 480000ක් මිලදී ගැනීමට නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ගල්අගුරු ප්‍රමාණය ජනවාර් – අප්‍රේල් අතර කාලයේදී මිලදී ගැනීමට නියමිත අතර එහිදී ගල්අගුරු මෙට්‍රික් ටොන් එකක් මිලදී ගනු ඇත්තේ ඇ.ඩොලර් 270.89ක් බැගින්ය.

(අද වෙබ් අඩවිය ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article