ඊයේ (17) දිනයේදී දිවයින පුරා සිදුවූ විදුලිය බිද වැටීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය ජාතික පද්ධතියට ලබානොගැනීම හේතුවෙන් එහි සිසිලන පද්ධතිය ස්වයංක්‍රීයව බිදවැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබාදීම නැවතී ඇති බවත් එය යථා තත්වයට පත්වීට අවම දින 4ක කාලයක් ගතවනු ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කරයි.
ඒ අනුව ජාතික විදුලි පද්ධතියට 45%ක පමණ දායකත්වයක් ලබාදෙන නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට ලබාදෙන විදුලි සැපයුම මේ වන විට නැවතී තිබීම හේතුවෙන් ජාතික විදුලි අවශ්‍යතාවය සැපයීමේදී බාධා ඇති විය හැකි බව ද වාර්ථා වෙයි