ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, අඩන්තේට්ටම් කිරීම් ඇතුළු සංවිධානාත්මක අපරාධ කිහිපයක්ම විමර්ශනය කරමින් සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කල නිධාරියෙකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබාදුන් මෙම ස්ථාන මාරුව නැවතත් ඔහු විසින්ම අත්හිටුවා ඇත.