Saturday, November 23, 2024

නිමල් අමරසිරිගේ දේහයට අවසන් ගෞරව දැක්විමට NPP නායකයෝ එක්වෙති !

Must read

පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ විරෝධතාවයෙන් පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර මිය ගිය නිමල් අමරසිරි මහතාට අවසන් ගෞරව දැක්විමට ජාතික ජනබලවේගයේ නායකයෝ අද එහි ගොස් ගොස් තිබුණි

ඔහු වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙන අතර මිය ගිය අය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව තම නීතිඥ කණ්ඩායම සමග සාකච්ඡා කරමින් සිටින බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත

 

පසුගිය ඉරිදා කොළඹ පැවති විරෝධතාවයේ දී කඳුළු ගෑස් ප‍්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වුණා.

ජාතික ජනබලවේගයේ විරෝධතාවට එක්ව සිටිය දී මියගිය නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ අපේක්ෂක නිමල් අමරසිරිගේ  දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ නිවිතිගල – නොරාගල්ල සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article