Saturday, September 21, 2024

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුවේ නිමල් හේමසිරිට ශ්‍රීලංකන් CEO බිරිදගෙනුත් ඩොලර් 800,000ක්

Must read

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිදගේ  සිංගප්පූරුවේ පිහිටි බැංකු ගිණුමෙන් 2014 වසරේ නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 800,000ක් නිමල් හේමසිරි පෙරේරා නම් පුද්ගලයෙකුගේ ගිණුමකට බැර කර ඇති බව ඊයේ (19) අධිකරණයේදී හෙලිවිය. මෙම මුදල බැරවීම සිදුව ඇත්තේ 2013 වසරේදී ප්‍රංශ එයාර්බස් සමාගමෙන් එයාර්බස් වර්ගයේ යානා 1ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක කොමිස් මුදලක් ලැබීමෙන් අනතුරුව බවත් අධිකරණයේදී හෙලිවිය. මේ බව අනාවරණය කරන ලද්දේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතා විසිනි.

එමෙන්ම කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක මහතා සිදුකල ප්‍රශ්ණ කිරීම් වලදී හෙලිවී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින මුදල් විශුද්ධිකරණ නඩුවේ ද (Case No: B 195/16) නිමල් හේමසිරි පෙරේරා නම් පුද්ගලයාගේ සම සදහන්ව ඇති බවය.

ඒ අනුව එයාර්බස් සමාගම් ගණුදෙනුව සම්බන්දයෙන් වන වැඩිදුර විමර්ශණ සදහා මෙම නඩුවේ සාරංශය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කලේය. එමෙන්ම මෙම විමර්ශණ වලදී පොලීසියේ ප්‍රතිචාරය පිලිබදව සෑහීමකට පත්වීමට නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article