ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදුන් ඇතැම් අපේක්ෂකයන් මේ වන විට ඇතැම් ප්රධාන පෙලේ අපේක්ෂකයන්ට සිය සහය පල කරන බවට සදහන් කරමින් පැවතීම සම්බන්දයෙන් ශ්රීලංකාමිරර් වෙබ් අඩවිය විසින් මැතිවරණ කොමසාරිස්තුමන්ගෙන් කල විමසීමකදී ඒ මහතා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදුන් කිසිදු අපේක්ෂකයෙකුට වෙනත් අපෙක්ෂකයෙකු සදහා සහය පලකරමින් ජනාධිපති සටනින් ඉවත්වීමට නීතිමය අවස්ථාවක් නොමැති බව පෙන්වා දි ඇත.
මේ වන විට සියලුම අපේක්ෂකයන්ගේ නම් ඡන්ද පත්රිකාවට ඇතුලත් කර ඇති බව සදහන් කල මැතිවරණ කොමසාරිස්තුමා පෙන්වා දෙන්නේ ඒ සදහා රජය විසින් විශාල වියදමක් දරණ බවයි. ඒ හේතුවෙන්ද එසේ ජනාධිපතිවරණ සටනින් ඉවත් විම යුක්තිසහගත නොවන බවද ඒ මහතා සදහන් කරයි.