Saturday, May 18, 2024

ගෝඨා අබ්දුල් රාසික්ගේ සහය ගන්නවාද? නැද්ද? කෙළින් නොකියන්නේ ඇයි?

Must read

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට විවිධ පුද්ගලයන් සහය පල කරන බව පවසමින් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ අංශය පවසයි. ඒ, ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකිනි.

එම නිවේදනය මෙසේය.

මෙම නිවේදනයට අනුව ඒ.එල්.එම්. හිස්බුල්ලා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ගෝඨාබය රාජපක්ෂට වාසියක් ලබාදීමේ අරමුණින් බවට පළ වන “ප්‍රකාශ” ප්‍රතික්ෂේප කරන බව සදහන් වන අතර බුදුරජාණන් වහන්සේ පිළිබඳ අශිෂ්ට ප්‍රකාශයක් සිදුකළ “ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධානයේ නායක අබ්දුල් රාසික්, ගෝඨාබය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට බර තබමින් සිටින බවට ඇතැමුන් සිදුකරන “ප්‍රකාශ” ද තරයේ හෙළා දකින බව සදහන් කර ඇත.

නමුත් එම නිවේදනයේ කිසිදු ආකාරයකින් පැහැදිලිවම ඒ.එල්.එම්. හිස්බුල්ලාගේ හා “ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධානයේ නායක අබ්දුල් රාසික්ගේ සහය ප්‍රතික්ෂේප කරන බවක් සදහන් කර නොමැති අතර එම පුද්ගලයන්ගේ සහයන් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ බව සෘජුවම මෙම නිවේදනයේ පැහැදිලිය සටහන් කල හැකිය.

ඒ අනුව මේ වන විට මෙම නිවේදනය සම්බන්දයෙන් විවිධ අදහස් හා මත සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී

”මේ නිවේදනයෙන් කියන්නේ හිස්බුල්ලගේ සහ රාසික්ගේ සහය ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙවෙයි..
ඒ ගැන එක එකා කියන කුප්ප කතා ප්‍රතික්ෂේප කරනවා කියන එකයි…”

”මොකක්ද බං මේ කියන්නේ …
වචන හරඹ නැතුව කෙලින් කියන්න බැයිද ?
රාසික්ලගේ සහය එපාද ? ඕනේ ද ?

”කලින් අපිට යන්න එපා කියපු “හම්බ” කඩවලින් දැන් ගිහින් බඩු ගත්තට කමක් නැද්ද..?”

 

(theleader.lk වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article