Saturday, September 21, 2024

නරියන් නිසා තැතිගත් කළුතර ගම්මාන

Must read

“නරි ඉන්නවනේ පාරවල්වල යන්න බෑනේ, ඒකයි පොලු අතේ තියාගෙන ඉන්නේ“ මෙසේ පැවසුයේ කළුතර මිල්ලනිය මූපට්ටිය ගම්වාසියෙකි.

හිවලුන් නිතර ගමට කඩාපනින නිසා එම ගම්වාසීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටී.

ඔවුන් පවසන්නේ හිවලුන් රංචු පිටින් ගම්මානයට කඩාවැදි මිනිසුන්ව සපාකෑමත් නිසා ඔවුන් භීතියට පත්ව සිටින බවය.

හිවලෙක් සපාකෑම නිසා පසුගිය මාසයේදී ගම්වැසියකු මියගොස් තිබුණි.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ, මීට දින කිහිපයකට පෙර මියගිය අට හැවිරිදි කවිනි නෙත්සරා  දැරියවද හිවලකු සපාකා තිබූ බවය.

එම ගම්මානයට විටින් විට කඩාපනින්නේ සාමන්‍ය ජනතාව නරියා ලෙසින් හඳුන්වන “ගෝල්ඩන් ජැකොල්“ නොහොත් “ශ්‍රී ලංකා හිවලයි“.

හිවලුන් සපා කෑමට ලක්වූ පුද්ගලයින්ට සහ සතුන්ට ජලභීතිකා එන්නත් ලබාදීමටද මේවන විටත් ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටී.

 


(අදදෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article