Tuesday, September 15, 2026
spot_img

නම් 51 ඇති අරුම පුදුම සමරු ඵලකය

Must read

වැලිගම ප්‍රාදේශීය සභාව “මින්පුර නැඟුම ව්‍යාපෘතිය” යටතේ වරකපිටිය ප්‍රදේශයේ ඉදික ලක්ෂ හත්සියක මුදලින් ඉදිකළ ‘‘නිසල අරණ“ ආදාහනාගාරය සහ අමංගල්‍ය ශාලාවේ සමරු ඵලකය මේ දිනවල සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්ව ඇත. ඒ එම සමරු ඵලකයේ දේශපාලනඥයන්ගේ නම් 51ක් සඳහන් කර තිබීම සම්බන්ධයනි.

මෙම සමරු ඵලකයේ ජනාධිපති,අගමැති,කතානායක ඇතුළු පාර්ලිමේන්තු මෙන්ම ප්‍රාදේශීය පක්ෂ විපක්ෂ දේශපාලනාඥයන්ගේ  ද මන්ත්‍රී හිමිවරුන්, රාජ්‍ය නිලධාරීන් දකුණු පළාත් කොමසාරිවරයා ඇතුළු  51කගේ නම් ඇතුලත් කර තිබේ.

එපමණක් නොව මෙම ව්‍යාපෘතියේ ඉංජිනේරු සමාගමට සහ ප්‍රධාන ඉංජිනේරුවරයාට මහජන මුදලින් සමරු තිළිණ ලබා දීම කෙරෙහි ද සමාජය තුල කතාබහක් නිර්මාණය වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article