Friday, September 20, 2024

ධීවරයන්ට විශේෂ දැනුම්දීමක්

Must read

ධීවර කටයුතුවල දී ගොඩබිම හෝ මුහුදේ දී කිසිදු ආකාරයෙන් විදේශ පාර්ශ්වයන් සමග සම්බන්ධතා නොපවත්වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවර කාර්මිකයින් වෙත දැනුම් දී තිබේ.එම උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරන්නේ නම් ඉදිරියේ දී ධීවර කටයුතු නැවැත්වීමට නියෝග ලබා දීමට සිදුවන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කල්‍යාණි හේවාපතිරණ මහත්මිය සඳහන් කරයි

එමෙන්ම  උතුරු අන්දමන් මුහුද සහ නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වු අඩු පිඩන කලාපය තවදුරටත් වර්ධනය වී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බවත් මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං, තද වැසි සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ ඇතිවිය හැකි  බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා ඔක්තොම්බර් මස 14 වන දින දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාව වෙත දැනුම් දී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article