Saturday, November 23, 2024

දූෂිත දේශපාලකයන්ට විරෝධය දක්වමින් ලංකාවට ඩොලර් එවීමෙන් වැළකී සිටිමේ තීන්දුවක් !

Must read

ඉතාලියේ මිලානෝ නුවර පිහිටි වෙනසක් සදහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එක්ව පිහිටුවා ගත් ‘Sri Lankan Expatriates for Change’ සංවිධානය ඊයේ ප්‍රකාශ කර තිබුනේ රට පාලනය කළ දූෂිත දේශපාලකයන්ට විරෝධය දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් එවීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතිවූයේ සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම හෝ විදේශගත ශ්‍රී ලාංකිකයන් මුදල් ප්‍රේෂණය කරන පරිහානිය නිසා නොවන බව කවුරුත් දන්නා කරුණකි. අපේ ඥාති හිතමිත්‍රාදීන්ට දිගු පෝලිම්වල දුක් විඳීමටත්, අඳුරේ ලැගීමටත් සිදු කළේ වත්මන් පාලකයන් ය. දැන් ජාතිය පාලනය කරන දූෂිත දේශපාලකයෝ සහ අතීතයේ ආණ්ඩු කරපු අය තමයි අපේ ලේ දහදිය නාස්ති කරලා මංකොල්ල කෑවේ. ඒ නිසා දූෂිතයෙන් තොර රජයක් පිහිටුවන තුරු විදේශගත ශ්‍රී ලාංකිකයන් වන අපි ශ්‍රී ලංකාවට කිසිදු ඩොලර් ප්‍රේෂණය නොකිරීමට තීරණය කර තිබෙනවා” යනුවෙන් වෙනසක් සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ග‌ෙ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

“රටේ වත්මන් තත්ත්වයට ඔවුන්ගේ සංචාරක යැපුම් අඩුවීම සහ විදේශිකයන්ගේ ප්‍රේෂණ හේතු වූ බව ඔවුන් පැවසීම හාස්‍යජනකය. එය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අර්ථවත් පියවර ගැනීමට ඔවුන්ට ඇති නොහැකියාවයි. ප්‍රශ්නය විසඳීම සඳහා අර්ථවත් හා ප්‍රත්‍යක්ෂ ක්‍රියාමාර්ග ගැනීම රජයේ යුතුකමයි,” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. “වසංගතයෙන් පසු බොහෝ රටවල් තම ආර්ථිකය සාර්ථකව ස්ථාවර කර ගැනීමට සමත් වී ඇති අතර ශ්‍රී ලංකාවේ වත්මන් භයානක ආර්ථික අර්බුදයට වසංගතය සහ යුක්රේන-රුසියා යුද්ධයට දොස් පැවරීම කිසිසේත්ම පිළිගත නොහැකියි,” බදාදා ජනාධිපතිවරයා ජාතිය අමතා කළ ප්‍රකාශය ගැනද සඳහන් කරමින් කියා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article