Friday, September 20, 2024

දින 48 තිස්සේ අවු.16ක දරුවෙකුට පහරදුන් ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

Must read

දින 48ක කාලයක් පුරා මහ මුහුදේදී ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් පිරිසකගෙන් පහර කෑමට හා නොයෙකුත් හිංසනයන්ට ලක්වූ 16 හැවිරිදි දරුවා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් එම බහුධින ධිවර යාත්‍රාවේ හිමිකරු බව කියන 64 හැවිරිදි පුද්ගලයෙකු සහ යාත්‍රාවේ රැකියාවට ගොස් සිටි ධිවරයින් දෙදෙනෙකු පොලිසිය විසින් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම යාත්‍රාවේ රැකියාවේ ගිය තවත් ධිවරයින් දෙදෙනෙකු ප්‍රදේශයෙන් අතුරුදහන්වී ඇති බවත් ඔවුන් සොයා ද පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා.

ඉකුත් ජුනි 28 වෙනිදා මිරිස්ස ප්‍රදේශයෙන් රැකියාව සඳහා පිටත්ව ගිය බහුදින ධිවර බෝට්ටුවක මෙම 16 හැවිරිදි දරුවා ඇතුළු ධිවරයින් 05 දෙනෙකු රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම ධිවරයින් පිරිස අල්ලා ගත් මසුන්ගෙන් එක් මාළුවෙකු මෙම දරුවා අතින් මුහුදට වැටීම නිසා ඔවුන් පිරිස යළි සිය රැකියාව අවසන් කොට මිරිස්ස ධිවර වරායට පැමිණි අගෝස්තු 12 වෙනිදා දක්වා වූ දින 48ක කාලය පුරාවට ඔහුට පහර දී ඇති බවත් නිසිලෙස ආහාර ද ලබා නොදී ඇති බවට කරුණු හෙළිව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

යළි ගොඩබිමට පැමිණෙන විට එම දරුවාගේ ශරීරය පුරා තුවාල වී තිබු බවින් ඔහුව මාතර රෝහලට ඇතුලත් කිරිමට පවුලේ සාමාජිකයින් පියවර ගෙන තිබුණා.

දරුවා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරික්ෂණයන් දී ඔහු කෘර වධ හිංසාවන්ට ලක්ව ඇති බවට හෙළිව තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

(Newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article