Tuesday, November 5, 2024

දමිළ පක්ෂ එකට එක්ව කටයුතු කිරිමේ වැදගත් අවධාරණ කෙරේ

Must read

ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන ඉදිරිපත් ව ඇති 46/1 දරණ යෝජනාව ට අදාල ලංකා රජය විසින් කටයුතු කරඇති ආකාරය ගැන විමර්ශණය කරමින් එක්සත්ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම් මිචෙල් බැචලර් සැප්තැම්බර් 13 වෙනිදා ලංකාව ගැන කථා කිරිමට නියමිතව ඇති දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබලයෙකු වන මාවෛයි සේනාධිරාජා පවසා තිබේ.
ඔහු මේ අදහස් ඉදිරිපත් කර තිබුනේ ඔහුගේ නිවසේ පැවැති මාධ්‍ය සාකච්ජාවකදිය.
මෙම අවස්ථාවට සම්බන්ධව සිටි මාධ්‍යවේදින් විසින් දෙමළ පක්ෂ අතර පවතින ගැටුම්කාරි බව ගැනද ප්‍රශ්ණ කර තිබේ.
ඒ් ගැන කරුණු සදහන් කරමින් මාවෛයි සේනාධිරාජා අවධාරණය කර තිබුනේ දෙමළ පක්ෂ එකට එක්ව වැඩකටයුතු කිරිම ඉතාමත් අත්‍යවශ්‍ය බවය.
මානව හිමිකම් කවුන්සිලියට යැවිමට නියමිතව ඇති ලංකා‌වේ තත්වය පිළිබදව ලියවිල්ල සියළු පක්ෂ එක්ව අත්සන් කොට යැවිමේ වැදගත්කම ගැනද ඔහු මෙහිදි කරුණු ඉදිරිපත් කර තිබුනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article