Monday, September 14, 2026
spot_img

දමිළ ජනයාගේ ප්‍රශ්ණ විසදිමට දමිළ මන්ත්‍රිවරුන් එක මිටට !

Must read

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සම්මේලනයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්  ප්‍රකාශ කළේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්ව පාර්ලිමේන්තුවේ එකම කණ්ඩායමක් ලෙස පොදු ගැටලුවලට මුහුණදීමට කටයුතු කළ යුතු බවය

පසුගිය  (16)  මන්නාරම කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනිම  අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා සිටිම,  අපේ ඉඩම් අපතේ නොයන පරිසරයක් නිර්මාණය කිරීම, අපේ ධීවරයන් මුහුණ දෙන ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා ගැනීම සඳහා අපි ඒකමතික ක්‍රමයක් සමඟ කටයුතු කරන පරිසරයක් ඇති කිරීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමුකළ යුතු යැයිද ඔහු අවධාරණය කර සිටියේය

මන්නාරම් වාර්තාකරු ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article